මාරයා පෙනී පෙනී සැමියා හැර දා බිරිඳ පණ රැක ගනී

මාරයා පෙනී පෙනී සැමියා හැර දා බිරිඳ පණ රැක ගනී

October 12, 2018   01:14 pm

අද(12) උදෑසන 6.25 ට පමණ ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රිය අනතුරක් සිදුව තිබේ.

අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ කාර් රථයක් ගැටී ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වන විට රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර ඇති බව පැවසෙයි.

මෙසේ බරපතළ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 57 ක් වු ගින්තොට ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ ද මෝටර් රථය තුළ සිට ඇති අතර, ඇය දුම්රිය ඈතින් පැමිණෙන අයුරු දැකීමෙන් පසු මෝටර් රථයේ වම්පස දොර විවෘත කර ඉන් පිටතට පැමිණ දිවි බේරා ගෙන තිබේ.

දුම්රිය හරස් මාර්ගයේ තාවකාලික පදනම මත ගේට්ටු මුරකාරියක් සිට ඇති අතර, ඇය විසින් මෙම මෝටර් රථයට දුම්රිය හරස් මාර්ගය හරහා නොයන ලෙස සංඥා කර තිබේ.

නමුත් එය නොතකා මෙය හරස් මාර්ගයට ඇතුළු කර ඇති අතර, එහි දී මෙම අනතුර සිදුව තිබේ.

ගාල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.