සා/පෙළට සුදානමින් සිටි සිසුවා අඹ අත්තක එල්ලී දිවි නසා ගනී

සා/පෙළට සුදානමින් සිටි සිසුවා අඹ අත්තක එල්ලී දිවි නසා ගනී

October 12, 2018   12:37 pm

කොස්ලන්ද, හිවැල්කඳුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දාහතක පාසල් සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

ඊයේ(11) රාත්‍රී මෙම සිසුවා ගෙළ වැළලා ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

නිවස ඉදිරිපිට ඇති අඹ ගසේ අත්තක මෙම සිසුවා ගෙළ වැළලාගෙන සිටින ආකාරය උදෑසන නිවසින් පිටතට පැමිණි නිවැසියන් දැක තිබේ.

ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇති අතර ගෙළ වැළලාගැනීමට හේතුවක් මෙතෙක්  අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

මෙම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සුදානමින් සිට ඇති අතර මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(12) සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොස්ලන්ද පොලීසිය විසින් සිදු කරයි.