පෙරටුගාමීන්ගෙන් අධ්‍යාපනය ගැන විශේෂ අනාවරණයක්
October 12, 2018 06:17 am
පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම මව්පියන්ගේ කරමත පැටවීමේ සැලැස්මක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විසින් පසුගිය බත්තරමුල්ල, පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධ විශේෂ අනාවරණයක් කරමින් ඒ බව පැවසීය.
ඔහු එසේ කරුණු අනාවරණය කරමින් පළ කළ අදහස් මෙසේය.
"අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2019 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නව චක්‍රලේකයක් හදුන්වා දී තිබෙනවා. මෙම චක්‍රලේඛය මගින් මින් පෙර පාසල්වල මුදල් අයකිරීම සම්බන්ධ සියලු චක්‍රලේඛ අවලංගු කරමින් පාසලට අවශ්‍ය වියදම් සපයාගැනීම හා පාසලේ අවශ්‍යතා සපුරාගැනීම ක්‍රියාවලිය සදහා මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපන බලධාරින් කටයුතු කරමින් සිටිනවා.
මේ අතර කවුරු හරි දැන් අහන්න පුලුවන් ආණ්ඩුවට අධ්‍යාපනයට වෙන් කරන්න මුදල් නෑ නේද කියලා. නමුත් අපි දන්නවා මේ රටේ ආරක්ෂක වැයිශීර්ෂය කොහොමද වැඩි වෙන්නෙ කියලා. ගිය අවුරුද්දෙ අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කළා රුපියල් බිලියන 290ක් මේ අවුරුද්දෙ ඒක බිලියන 306ක් කරලා.
යුද්දය තියෙන කාලෙවත් නැති විදියට ආරක්සක වියදම වැඩි කරලා. අධ්‍යාපන වැය ශීර්ෂය වැඩි වෙන්නෙ නෑ. කප්පාදු කරනවා. එහෙම නම් ආරක්ෂක වියදම් වැඩි කරන්නෙ ඇයි? කවුරු එක්කද යුද්දයක් තියෙන්නෙ? අපි හිතනවා ආණ්ඩුව යිද්දයකට ලෑස්ති වෙනවා.
මේ විදියට ජනතාවගේ අධයාපන අයිතිය, සෞඛ්‍ය වියදම්, පොද් ප්‍රවාහනයට වියදම් ක්පපාදු කරලා, විශ්‍රාම වැටුප් කපනවා, ඒ වැඩපිළිවෙළට විශාල මහජන විරෝධයක් නිර්මාණය වෙන එක වළක්වන්න බෑ. ජනතාව ඒ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන කොට ජනතාවට පහර දෙන්න, කදුලු ගෑස්, ඇමොනියා, බැටන් ප්‍රහාර.
වෙඩි ප්‍රහාර සදහා තමයි ආරක්සක වැය ශීර්ෂ වැඩිකරලා තියෙන්නෙ. ඒ මහජන විරෝධයට එරෙහිව යුද්ධය සදහා ආරක්සක අංශ සතුටු කරලා තියාලන්න. පහර දෙන උපකරණ ගෙන්වන්න තමයි මේ විදියට ආරක්ෂක වැය ශීර්ෂ ඉහළ දමන්නෙ.
ඒ නිසා ආරකෂක වියදමට බෙදන්න දික් වෙන මේ අයගෙ හැනිද අධ්‍යාපනයට දිගු නොවෙන හේතුව ඒකයි. අපි කියනවා යුද්ධයක් නැති වෙලාවෙ, යුද්ධය ඉවරවෙලා අවුරුදු 10ක් ගෙවිලා තියෙද්දි ආරකෂෙක වියදම් වැඩි කරන්නෙ ඇයි? අධ්‍යාපනයට, සෞඛ්‍යට අත්‍යවශ්‍යවන වියදම් කපලා මෙහෙම ආරක්සක වියදම් වැඩි කරන එක ගැන ඉදිරියෙදි එන අයවැයෙන් දැනගන්න ලැබේවි."