යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් තරුණයෙක් මිය යයි-CCTV දර්ශන සහිතයි

යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් තරුණයෙක් මිය යයි-CCTV දර්ශන සහිතයි

September 24, 2018   08:10 pm

හෝමාගම-‍මොරගහහේන මාර්ගයේ  පිටිපන හල්ගහදෙනිය ප්‍රදේශයේ  යතුරුපැදියක් හා වෑන් රථයක්  මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තරුණයෙකු මියගොස් ඇති බව හෝමාගම පොලීසිය පවසයි.

අද(24) අළුයම 1කට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලබා රෝහල් ඇතුළත් කරන ලද අනෙක් පුද්ගලයාද බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

හොමා නගරයේ සිට නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියෙහි ගමන් ගත් තරුණයින්  දෙදෙනාම ආරක්ෂිත හිස් ආවරණ පැළඳ නොසිට බවත් දෙදෙනාම මත්පැන් පානය කර සිට ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ පේරවැල්ල, වැරැල්ලන්ද ප්‍රදේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දර්ශණ නිවන්තක නැමති 30 හැවිරිදි අවිහාහක තරුණයකි.

අනතුරෙන් මිය ගිය පුද්ගලයා මෝටර් කාර්මිකයෙකු ලෙස රැකියාව කරමින් මොරගහහේන ප්‍රදේශයේ ඥාතී නිවසක පදිංචිව සිටි අයෙක් බව පොලීසිය පසවයි.

අනතුර සිදුවූ වෑන් රථයේ රියදුරු  හෝමාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.