පොලිස්පති තාවකාලිකව ඉවත්කළ යුතුයි

පොලිස්පති තාවකාලිකව ඉවත්කළ යුතුයි

September 24, 2018   06:51 pm

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්ම පිළිබඳව සිදු කරන පරික්ෂණ වලට අදාළව ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ පරීක්ෂණ අවසන් වන තුරු පොලිස්පතිවරයා ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පවසයි.

අද(24) කොළඹදී පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වර්තමානය වන විට ජනතාවට මුරුංගා කොළ ආහාරයට ගෙන ජීවත් වීමේ තත්ත්වටක් උදා වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර ආර්ථිකය මෙහෙයවන මූලික ආර්ථක ප්‍රතිපත්තිය මාලාවක් සකක් කිරීමට පවා ආණ්ඩුව මේ වන විට අසමත්ව ඇති බව ඒ මහතා සඳහන් කරයි.

මේ අතර මහා බැංකුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව රජයට ස්ථීර ප්‍රතිපත්තියක් නොමැතිවිම හේතුවෙන් ව්‍යාකූළ තත්ත්වයක් ගොඩනැගී ඇති බව මහාචාර්ය ජි.එල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.