අද රෑ කොළඹින් යන දුම්රිය දෙකක් නවතීයි

අද රෑ කොළඹින් යන දුම්රිය දෙකක් නවතීයි

September 18, 2018   05:43 pm

අද(18) රාත්‍රීයේ ධාවනය වීමට නියමිත දුම්රිය වාර දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ අනුව රාත්‍රී 7ට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබු මීනගයා තැපැල් දුම්රිය හා රාත්‍රී 9.30 ට ත්‍රීකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර තිබේ.

අද උදෑසන හබරණ සහ පලුගස්වැව දුම්රිය ස්ථානයට අතර 127 කිලෝ මිටර් කණූව ආසන්නයේදී කොළඹ  සිට මඩකලපුව දෙසට ධාවනය වු ඉන්ධන ප්‍රවාහනය කරනු ලැබු දුම්රියක ගැටිමෙන් වන අලි තිදෙනෙකු මිය ගිය අතර, එහිදී දුම්රිය මාර්ගයට දැඩි අලාභානියක් සිදුව තිබුණි.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තුරු මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය පාලක මැදිරිය තීරණය කර තිබේ.