වැලිකඩ බන්ධනාගාරය උණුසුම් වෙයි-නිලධාරීන් 8ක් රෝහලේ-රැඳවියන් 52ක් මාරු කර යවයි

වැලිකඩ බන්ධනාගාරය උණුසුම් වෙයි-නිලධාරීන් 8ක් රෝහලේ-රැඳවියන් 52ක් මාරු කර යවයි

August 20, 2018   06:50 pm


වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැඟී කාන්තා රැඳවූවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව අතරතුර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර කාන්තා රැඳවූවන් 52ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යවා තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයකට මාරු කිරීමට එරෙහිව ඔවුන් විරෝධතාවයේ නිරතවූ බව වාර්තා වෙයි.

එම අවස්ථාවේදී කාන්තා රැඳවූවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර එහිදි කාන්තා රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් මේ වන විට වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වන නඩු කඩිනම් කරන ලෙස ඉල්ලමින් මීට පෙර ද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවක නිරත වුණි.