හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් STF අත්අඩංගුවට

හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් STF අත්අඩංගුවට

August 18, 2018   03:30 pm

 


හම්බන්තොට ආයුර්වේද හංදිය ප්‍රදේශයේ දී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 හම්බන්තොට පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

 සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 350ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

 ඔවුන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.