ජනපති හා දුම්රිය වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද

ජනපති හා දුම්රිය වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද

August 18, 2018   12:27 pm

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තිය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතය.

අද දහවල් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

වැටුප් විෂමතාව මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අවසන් කිරීමට ඔවුන් තීරණය කළේය.

කෙසේවෙතත් සිය ගැටළුව සම්බන්ධයෙන් අද දිනයේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.