ඉහළ කොත්මලේ වාන් දොරටු 03 ක් තවදුරටත් විවෘතයි

ඉහළ කොත්මලේ වාන් දොරටු 03 ක් තවදුරටත් විවෘතයි

August 18, 2018   08:24 am

 

ප්‍රදේශයට පවතින අධික වර්ෂාව නිසා ස්වයංක්‍රියව විවෘත වු ඉහළ කොත්මලේ වාන් දොරටු 03 ක් තවදුරටත් විවෘතව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව එක් දොරටුවකින් තත්ත්පරයට ජල ඝන මිටර් 20.87 ක් පිටවන අතර දොරටු තුනෙන්ම 62.61 ක් කොත්මලා ඔයට එකතුවේ.

මෙම හේතුන නිසා ජලාශයට පහළ ප්‍රදේශයේ වාසය කරන කොත්මලා ඔයේ ජලය පරිභෝජනය කරන ජනතාව වඩාත් කල්පනාකාරි වන ලෙසද නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පසුගිය දින කිපය පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව මෙම තත්ත්වයට හේතුව වන අතර ඊයේ සවස් කාලයේ  සිට ප්‍රදේශයට පැවතීය වර්ෂාවේ  වර්ධනය නිසා වාන්දොරටු 03ක් විවෘත්ත කිරිමට හේතුවී තිබේ.