පෙරහැර අතරතුර අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පෙත්වෙයි

පෙරහැර අතරතුර අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පෙත්වෙයි

July 12, 2018   01:24 pm

 

‍රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පැවති පෙරහැරක් අතරතුර අලින් තිදෙනෙකු නොසන්සුන්වීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම පොලිස් කොස්තාපල්වරයා ඊයේ (11) රාත්‍රියේ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය පළමුවැනිදා රාත්‍රියේ කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක මිහිඳු පෙරහැරක් වීදි සංචාරය කළ අවස්ථාවේ අලින් තිදෙනෙකු නොසන්සුන්කාරී වීම හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලැබීය.

සිද්ධියේදි අලියෙකුට පෑගීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පොලිස් කොස්තාපල්වරයා රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ උඩවලව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 51 හැවිරිදි කොස්තාපල්වරයෙකු වන අතර ඔහු විශේෂ රාජකාරී සඳහා එදින ඇඹිලිපිටිය පොලිස් වසමට යොදවා තිබූ බව සඳහන්ය.