වන අලි ප්‍රහාරයෙන් 34 හැවිරිදි පුද්ගලයෙක් මරුට

වන අලි ප්‍රහාරයෙන් 34 හැවිරිදි පුද්ගලයෙක් මරුට

July 12, 2018   09:12 am


වන අලියෙකු පහර දීමෙන් අඹන්පොල, පත්තිනි ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ(11) රාත්‍රී මෙම වන අලි පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් ක‍ළේය.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි පත්තිනිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(12) සිදුකිරීමට  නියමිතයි.

අඹන්පොල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.