ග‍්‍රාමශක්ති වැඩසටහන සාර්ථක කරගන්න සියලුම දෙනා එක්විය යුතුයි

ග‍්‍රාමශක්ති වැඩසටහන සාර්ථක කරගන්න සියලුම දෙනා එක්විය යුතුයි

June 14, 2018   06:09 am

 

ග‍්‍රාමශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලූදෙනා දේශපාලන භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය  ජනාධිපතිවරයා සියලූදෙනා වෙත පෙන්වා දුන්නේය.

වයඹ සියලූම පළාත් පාලන ආයතනවල සභාපතිවරු මෙම කමිටු රැස්වීම සඳහා එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර පොදුජන පෙරමුණු නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වූහ.

එහිදී ඔවුන් කියා සිටියේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.

මේ අතර පුත්තලම සහ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට ග‍්‍රාමශක්ති ජනතා සමිති ස`දහා ලබාදෙන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඒ අනුව කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 45 ක මුදලක් සහ පුත්තලම දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 24 ක මුදලක් ලබාදීම සිදුවිය.

මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග වගාකරන ග‍්‍රාමශක්ති ජනතා සමිතිය සහ සි/ස කාගිල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම පිළිබඳඅවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි. 

අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, එස්.බී. නාවින්න, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරින් මේ සඳහා එක්ව සිටියහ.