බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු ජීවිතක්ෂයට

බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු ජීවිතක්ෂයට

June 13, 2018   07:39 pm

 

මොණරාගල දඹගල්ල ගොවිදුපුර ප්‍රදේශයේ දී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත් වී දඹගල්ල ඌව ගංගොඩවිල ලිපනයේ පදිංචි ඒ.එම් සුදුබණ්ඩා නැමැති වයස අවුරුදු පනස් එකක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

වන සතුන්ගෙන් ගොවි ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා අටවන ලද තුවක්කුවක් ක්‍රියාත්මක වී මෙලෙස මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති අතර එම ස්ථානයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්,සහ බදින තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර ගොවිදුපුර පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.