රූපස්කුලම් වනාන්තරයේදී ඝාතනය කළ පොලිස් නිළධාරීන් සැමරේ

රූපස්කුලම් වනාන්තරයේදී ඝාතනය කළ පොලිස් නිළධාරීන් සැමරේ

June 11, 2018   02:30 pm

කොටි ත්‍රස්තවාදීන් විසින් තිරුක්කෝවිල් රූපස්කුලම් වනාන්තරයේදී ඝාතනය කරන ලද පොලිස් නිළධාරීන් සැමරීමේ උත්සවය පොලිස්පති ජුජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

මෙම ස්ථානයේ ඉදිකර තිබු ස්මාරකයට පොලිස් උත්තමාචාර දැක්විමෙන් අනතුරුව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා විසින් ස්මාරකයට මල්වඩමක් තැන්පත් කර උපහාර දක්වනු ලැබීය.

පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පොලිස්  ස්මාරකයට මල් තැන්පත් කර ආචාර කරනු ලැබිය.

මෙම ස්ථානයේදි මියගිය පොලිස් නිළධාරීන් ගේ මව්වරුන් නෑදයින් ස්මාරකයට මල් තැන්පත් කර තම දරුවන් සිහිපත් කරන ලද අවස්ථාව ඉතා වේදනාත්මක හැගුම්බර අවස්ථාවක් විය. 

තම දරුවන් සිහි කර මව්වරුන් ගේ ලතොනිය රූපස්තුලම් වනය හරහා සිසාර ගියේය.

එම හඩ එදා දිවිපිදු පොලිස් රණවිරැවන් ගේ හඩට දෙවෙනි නොවන්නට ඇත.

මියගිය රණවිරැවන් වෙනුවෙන් පොලිස් දෙපාර්මේන්තුව විසින් කරන ලද යුතුකම් ඉටුකරන බවත් ලබන වසරේදී මෙම ස්ථානයේ ස්ථිර රණවිරු ස්මාරකයක් සකස් කර මෙම භුමියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුහුණු කදවුරක් කරන බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.

පසුව පොලිස්පති පුජික ජයසුන්දර මහතා මියගිය නිළධාරීන් ගේ දෙමවිපියන් සමග කථා බවක නිරත විය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ සර්ව ආගමාක නායකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.