ජල පොම්ප හොරකම් කරපු දේශපාලඥයෙක් ඇතුළු පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

ජල පොම්ප හොරකම් කරපු දේශපාලඥයෙක් ඇතුළු පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

May 26, 2018   03:07 pm

 

ජල පොම්ප සොරකම් කිරීමේ සිද්ධියක් ඉපලෝගම ප්‍රාදේශීය දේශපාලඥයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉපලෝගම, ගන්තිරියාගම ප්‍රදේශයේ වගා බිමක තිබූ රුපියල් 39,500ක් වටිනා ජල පොම්පයක් සොරකම් කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

 අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ජල පොම්පය සමඟ සොරකම් කරන ලද තවත් ජල පොම්ප 08ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

 සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසු සිද්ධියට සම්බන්ධ ප්‍රදේශීය දේශපාලඥයා ඉපලෝගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් 23, 24,34 සහ 35 යන වයස් වල පසුවන ඉපලෝගම, කරඹෑව සහ විජිතපුර ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

ඔවුන් අද (26) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.