ජීවිත තුනක් බේරගන්න ගිය පොලිස් නිලධාරියා අතුරුදන්

ජීවිත තුනක් බේරගන්න ගිය පොලිස් නිලධාරියා අතුරුදන්

May 25, 2018   02:52 pm

මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේ සැඩ පහරකට හසුවූ පිරිසක් මුදා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු එම සැඩ පහරට හසුව අතුරුදන් වී තිබේ.

මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කරන 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසීය.

ගල්මුරුව ප්‍රදේශයේ පවුල් කිහිපයක් ජල ගැලීමෙන් පීඩාවට පත්ව සිටින බවට මාදම්පේ පොලීසියට ලැබුණු තොරතුරක් මත එම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් තිබේ.

සැඩ පහරට හසුවූ පුද්ගලයින් තිදෙනෙක් බේරා ගැනීමට අදාළ පොලිස් කොස්තාපල්වරයා උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු සැඩ පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බව සඳහන්ය.

අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයා සෙවීම සඳහා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.