උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාගෙන වැටිලා

උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාගෙන වැටිලා

May 16, 2018   10:25 pm

 

පස් කන්දක් කඩා වැටිම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට 16 වන දා සවස් කාලයේ බාධා ඇතිවිය.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට මේ දිනවල සවස් කාලයේ වර්ෂාව ඇද හැලෙමින් පවතින අතර එම හේතුව නිසා අද (16) දිනයේ සවස් කාලයේ උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ දුම්රිය ස්ථානයට ආසන්නව පස්කන්දක් කඩා වැටිම නිසා දුම්රිය ධාවනයට බාධා එල්වීය.

එම හේතුව නිසා එම මාර්ගයේ ගමන් ගනිමින් තිබු දුම්රියක් පැයකට අධික කාලයක් එම ස්ථානයේ නවතා තබාගැනිමට සිදුවුයේ සේවකයින් විසින් දුම්රිය මාර්ගයට කඩා වැටි තිබු පස් හා ගල් ඉවත් කරන තුරුය.