නිවසේ සාදයට ගෙන ආ ගල් ඉබ්බන් පොලීසියෙන් බේරා ගනී

නිවසේ සාදයට ගෙන ආ ගල් ඉබ්බන් පොලීසියෙන් බේරා ගනී

May 16, 2018   12:59 pm

 

            
ආණමඩුව - මුදලක්කුලිය ප්‍රදේශයේ සාදයකට රැගෙන විත් සඟවා සිටි ගල් ඉබ්බන් සිව් දෙනෙකු බේරා ගැනීමට ආණමඩුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් (16) දින කටයුතු කර තිබුණි.

ආණමඩුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව මුදලක්කුලිය ප්‍රදේශයේ නිවසක ළිඳකට දමා සඟවා තිබූ බව කියයි. 

මෙම ගල් ඉබ්බන් නිවසේ පැවැත්වීමට නියමිතව තිබු සාදයට ගැනීමේ අරමුණින් මෙසේ ළිඳ තුළ සඟවා තිබූ බව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමේදි පවසා තිබේ.

 අත් අඩංගුවට ගත් සැකකරු සහ ගල් ඉබ්බන් (16 ) දින ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.