මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරෙන වෛරසයක් නිසා ළමා වාට්ටුවලට එන අමුත්තන් සීමා වෙලා

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරෙන වෛරසයක් නිසා ළමා වාට්ටුවලට එන අමුත්තන් සීමා වෙලා

May 16, 2018   10:19 am

ගාල්ල කරාපිටිය රෝහලේ හඳුනා නොගත් යැයි පැවසු රෝගය දරුණු නියෝමෝනියා තත්ත්වයක් බවත් මේ දිනවල දකුණු පළාතේ එම දරුණු නියුමෝනියා තත්ත්වය පැතිරෙමින් පවතින බවත් ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය අරුණ ද සිල්වා මහතා පවසයි. 

වැඩි දුරටත් අදහස් දැක්වු වෛද්‍ය අරුණ ද සිල්වා මහතා කියා සිටියේ මාස කිහිපයක් තුළ යම් මට්ටමකට තිබු රෝගී තත්ත්වය මේ වන විට උච්ච තත්ත්වයකට පත්ව ඇති බවයි.

මාතර , හම්බන්තොට, තංගල්ල ප්‍රදේශවලින් පවා රෝගීන් පැමිණෙන බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

දැනටමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවල හා අනිකුත් ළමා වාට්ටුවලත් රෝගීන් සෑහෙන්න ප්‍රමාණයක් සිටින බවත්,  විශේෂයෙන්ම අවුරුදු 2 ට 3 ට අඩු දරුවන්ට, ඉපදුනු දිනයේ සිට වයස අවු 03 දක්වා දරුවන්ට මේ රෝගී තත්ත්වය බරපතළ තත්ත්වයට පත් වෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රෝගී තත්ත්වයට මුලික හේතුව වශයෙන් වෛරසයක් මඟින් ඇති වන නියුමෝනියා තත්ත්වයක් නොව ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇති වන නියුමෝනියා තත්ත්වයක් බවට හඳුනා ගෙන තිබේ. 

මෙය වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ට ද වැඩි වශයෙන් වැළඳිය හැකි බවත් විශේෂයෙන් අවුරුදු 02ට අඩු ළමයින්ට දරුණු විය හැකි බවත් වෛද්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂයෙන්ම මේ රෝගය සෑදුනු දරුවන්ගේ සහෝදර සහෝදරියන් සිටි නම් ඔවුන් මේ රෝගී දරුවන් බැලීමට රෝහලට නොගෙන ආ යුතු බවත්  පැවසු වෛදයවරයා ජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට රෝගය ආසාධනය වුවන් නොගෙන යායුතුයි බව ද පැවසීය.

කැස්ස හෙම්බිරිසාව, උණ, පාචනය යන රෝගී තත්ත්වයන් තියෙන දරුවන් පාසල්, පෙර පාසල් නොයවා හැකි තරම් ගෙදර රඳවා ගන්නා ලෙසත්, රෝගීන් බැලීමට එන ප්‍රමාණය හැකි තරම් අඩු කර ගන්නා ලෙසත් වෛදය අරුණ  ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.