ඩුබායි සිට දුම්වැටි තොගයක් මෙරටට ගෙනාපු තරුණයෙක් ගුවන් තොටේදී අත්අඩංගුවට

ඩුබායි සිට දුම්වැටි තොගයක් මෙරටට ගෙනාපු තරුණයෙක් ගුවන් තොටේදී අත්අඩංගුවට

April 22, 2018   11:14 am



ඩුබායි හී සිට දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සහකාර රේගු මාධ්‍ය  ප්‍රකශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ අද (22) අළුයම ඩුබායි හි සිට පැමිණි ගුවන් යානයක සිටි මගියෙකු දුම්වැටි 30,600ක තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බවයි.
 
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පහලොස් ලක්ෂ 30,000ක් පමණ වන බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.