නීති විරෝධී කැබ් රථයකින් ඉන්ධන ප්‍රවාහනය කළ 2ක් මාට්ටු

නීති විරෝධී කැබ් රථයකින් ඉන්ධන ප්‍රවාහනය කළ 2ක් මාට්ටු

April 21, 2018   04:43 pm




ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී අලෙවිය සඳහා නීති විරෝධී ලෙස කැබ් රථයකින් ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කැබ් රථයෙන් බලපත්‍ර නොමැතිව අනාරක්ෂිත ලෙස තෙල් බැරල් ප්‍රවාහනය කර තිබූ බව සඳහන්ය.

අලෙවි කිරීම සඳහා එම ඉන්ධන ටැංකිවලට පුරවමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

එහිදී පෙට්‍රල් ලීටර් 200 බැඟින් පුරවන ලද බැරල් 08ක් සහ පෙට්‍රල් ලීටර් 150 බැඟින් පුරවන ලද බැරලයක් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා චීන වරය පොලිස් ස්ථානය වෙත බාරදුන් බව විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.