පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ දෙවන දිනය අද
April 20, 2018 08:31 am
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ දෙවන දිනය අදයි.
බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) රාජ්‍ය නායක සමුළුව ආරම්භ විය.
මේ අතර කඩොලාන සංරක්ෂණය පිළිබදව ලොව ඉහළම ප්‍රගතියක් ලැබු රටක් වශයෙන් ශ්‍රී ලංකාව නම් කිරීම ද ඊයේ සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව කඩොලාන සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද නියමිතව තිබේ.