ගසක් කඩා වැටී නිවාස 250කට තවමත් විදුලිය නැහැ

ගසක් කඩා වැටී නිවාස 250කට තවමත් විදුලිය නැහැ

April 19, 2018   09:40 am



පුත්තලම කොට්ටුකච්චිය කිවුල කටුව මාර්ගයේ විදුලි රුහැන් මතට ගසක් කඩා වැටීමේන් එම ප්‍රදේශයේ ආසන්නයේ ගම්මාන කිපයක නිවාස 250 කට ආසන්න ප්‍රමානයකට විදුලිය බිඳ වැටී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
 
ඊයේ(18) දින සවස ඇඳ හැළුන   මහ වර්ශාවත් සමඟ හමා ආ සුළගින් මාර්ගය ආසන්නයේ තිබු ගසක් කඩා වැටීමෙන් ආසන්නයේ තිබු මැල්ලන්කුලම, බෝගහයාය, කිවුල කටුව, සහ හල්මිල්ලැව යන ගම්මානවල නිවාස 250 කට ආසන්න ප්‍රමානයක විදුලිය බිඳ වැටි තිබු බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේය.
 
ජනතාව පවසන්නේ විදුලිය බිද වැටිම පිළිබඳව පුත්තලම විදුලි නඩත්තු අංශයට දැනුම් දුන්නද මධ්‍යම රාත්‍රී වන තුරුත් විදුලි බිඳ වැටීම යථා තත්වයට පත් නොකළ බවය.

නමුත් පුත්තලම විදුලි බිද වැටිම් නඩත්තු එකකයෙන් කළ විමසිමේදී පවසා සිටියේ පුත්තලම ඇතුළු ප්‍රදේශ ගනනාවකට ඊයේ දින සවස මහ වැසි සමඟ විදුලි බිදවැටීම්  විශාල ගණනාවක් සිදුවීම හේතුවෙන් මෙම ගස ඉවත් කර විදුලිය ලබා දීමට නොහැකි වු බවත් අද(19) දින දහවල් විමට පෙර ගස ඉවත් කර විදුලි රැහැන් යථා තත්ත්වයට පත් කිරීමේන් පසුව විදුලිය ලබා දීමට කටයුතු කරන බවයි.