බොහෝ පළාත්වලට සවස 2න් පස්සේ වැසි

බොහෝ පළාත්වලට සවස 2න් පස්සේ වැසි

April 18, 2018   06:09 am



දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දකුණ, නැගෙනහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවියහැක. 

සමහර ස්ථානවල විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණුසහ මධ්‍යම පළාත්වල මි.මී. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව අද (18) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.