ඉඩමක තිබිලා ටි 56 වර්ගයේ ගිනි අවි දෙකක් හමුවෙයි

ඉඩමක තිබිලා ටි 56 වර්ගයේ ගිනි අවි දෙකක් හමුවෙයි

April 17, 2018   02:34 pm



කිලිනොච්චිය, ධර්මපුරම්, පුලියංපොක්කනෙයි ප‍්‍රදේශයේ ඉඩමක් තුළ තිබී ටි 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයා ගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි.

ධර්මපුරම් පොලිසිය පැවසූවේ කාලයක් අතහැර දැමූ ඉඩමක් හිමිකරු විසින් ඊයේ සවස (16) පිරිසිදු කිරීමේදී ගිනිඅවි හමුවී ඇති බවයි.

ඉඩම් හිමිකරු සිද්ධිය සම්බන්යෙන් පොලීසිය දැනුවත් කොට ඇති අතර, අදාළ ස්ථානය පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී පොලිතින් කවරයක තුළ අසුරා තිබූ මැගසින් තුනක්, ජීව උණ්ඩ 82 ද සොයා ගත් බවයි.

පොලීසිය පැවසූවේ  යුධ සමයේ කොටි සංවිධානය විසින් නැවත භාවිතයට ගැනීම සඳහා මෙම ගිනිඅවි සඟවා තිබූ බවට සැක පළ කරන බවය.

දීර්ඝ කාලයක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් සොයාගත් ගිනිඅවි දැඩි ලෙස දිරාපත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ‍මෙහෙයවයි.