රුසියා-අමෙරිකා මතභේදකාරී තත්ත්වය ශ්‍රී ලංකාවට අවධානමක්
April 17, 2018 01:56 pm
සිරියානු අර්බුදය හමුවේ රුසියාව සහ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් අතර හටගෙන ඇති මතභේදකාරී තත්ත්වය යුධමය වාතාවරණයක් දක්වා වර්ධනය වුවහොත් එමඟින් ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව දේශපාලන විචාරක ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
සිරියාව මුල් කර ගනිමින් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අද දෙරණට අදහස් දක්වමින් මොහාන් සමරනායක මහතා මේ බව සඳහන් කළේය.