වත්මන් රජයේ වෙනස්වීමත් නුවරඑළියේ දේශගුණය වගේ

වත්මන් රජයේ වෙනස්වීමත් නුවරඑළියේ දේශගුණය වගේ

April 16, 2018   09:58 pm



‍නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශගුණය වෙනස් වන ආකාරයට වත්මන් රජයේ වෙනස්වීම ද සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් නව රජයක් බිහි කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරන බවයි.

කටුනායක ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් සී.බී රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ඉදිරියේදී තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන්ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.