අලී ලරිජානි මෙරට සංචාරයකට සැරසෙයි

අලී ලරිජානි මෙරට සංචාරයකට සැරසෙයි

April 16, 2018   09:47 pm

ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලී ලරිජානි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම  ඉරාන
කථානායකවරයාගේ මෙරට සංචාරයේ අරමුණ වී තිබේ.

එමෙන්ම සිරියාවේ දැනට පවතින යුධමය වාතාවරණය සම්බන්ධයෙන් ද මෙරට  ඉහළ පෙලේ නිලධාරීන් සමඟ අලි ලරිජානි මහතා සාකච්ඡා කිරීමට නියමිතය.

මේ වන විට ඉරාන කථානායකවරයා වියට්නාමයේ සංචාරයක නිරතවෙමින් සිටියි.

මේ අතර ඉරානය සහ ශ්‍රී ලංකාව අතර  සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 153ක් හිමිව ඇති අතර පනතට විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

තවත් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට තිබේ.