හැදෙන අධිවේගයේ ආධාරකය කඩාවැටීම ගැන විමර්ශනයක්

හැදෙන අධිවේගයේ ආධාරකය කඩාවැටීම ගැන විමර්ශනයක්

May 5, 2024   09:59 pm

ඉදිවෙමින් පවතින කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණුමතින් ඉදිවන මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා සදහන් කළේ අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම්දී ඇති බවය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ කණු මතින් ඉදිවන කොටසේ මාර්ගයේ විශාල කොන්ක්‍රීට් බාල්කයක් පසුගිය දා කඩාවැටී තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ අදාළ කොටසේ ඉදිකිරිම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවය.

දිගුකලක් ඉදිකිරිම් සිදු‍නොකිරිම මෙම කඩාවැටීමට හේතුවී ඇතිද යන්න සහ ඉදිරිකිරීම්වල දෝෂ පවතීද යන්න සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇති බව ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.