ඉදිරි සති දෙක ඇතුළත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා

ඉදිරි සති දෙක ඇතුළත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා

April 16, 2018   04:22 pm



නව වැටුප් වැඩිවීම අනුමත නොවන්නේ නම් ඉදිරි සති දෙක ඇතුළත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව  ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ  සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ මේ වසරේ ජනවාරි මස සිට නව වැටුප් වැඩිවීම සිදුවීමට නියමිතව තිබූ බවයි.

එහෙත් අදාළ වැටුප් වැඩිවීම ප්‍රමාදවීම හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ද ජල වෘත්තීය සමිති කටයුතු කළේය.

විෂය භාර අමාත්‍යවරයා සමඟ සිදුකළ සාකච්ඡා වලදී ඇතිවූ එකඟතා මත එම වර්ජනය අත්හිටුවීමට කටයුතු කළ ද මෙතෙක්  සිය ඉල්ලීම් වලට විසඳුම් ලැබී නොමැති බව උපාලි රත්නායක මහතා සඳහන් කරයි.

එම නිසා ඉදිරි සති දෙක තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව උපාලි රත්නායක මහතා සඳහන් කළේය.