නීති විරෝධී ගිනි අවි එක්ක 2ක් පොලිස් දැලේ

නීති විරෝධී ගිනි අවි එක්ක 2ක් පොලිස් දැලේ

March 12, 2018   09:33 am



වැලිගම, මිදිගම ප්‍රදේශයේදී ගිනි අවියක් ඇතුළු ආයුධ කිහිපයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

එහිදී ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවියක්,  උණ්ඩ 10ක්, ජීව අත්බෝම්බයක්, ව්‍යාජ ජාතික හැදුණුම්පත් 03ක් සහ හෙරොයින් ග්‍රැම් 14, මිලිග්‍රැම් 500ක් ද සොයාගෙන තිබේ.

සැකකරුවන් මිදිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 31 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැදවුම් නියෝග මත සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.