ලබන කන්නය ආරම්භ වීමට ප්‍රථම පොහොර සඳහා වැයවන මුදල ගොවීන්ට ලබා දෙනවා

ලබන කන්නය ආරම්භ වීමට ප්‍රථම පොහොර සඳහා වැයවන මුදල ගොවීන්ට ලබා දෙනවා

February 22, 2018   05:36 pm



ලබන කන්නයේ සිට වී ගොවීන්ට සහ බඩ ඉරිඟු, සෝයා, මිරිස් ලොකු ලූනු සහ අර්තාපල් යන අමතර බෝග පහටත් අවශ්‍ය කරන සම්පූර්ණ පොහොර සඳහා වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට ප්‍රථම ගොවීන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට  තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අද (22) කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ඇමතිවරයාත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර අමාත්‍යවරයාත් විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම අමාත්‍යවරයාත් ජාතික ආර්ථික සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා සහ අදාළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

එසේම මෙම බෝග සඳහා 2018 අයවැයෙන් යෝජනා කළ අක්කරයකට රුපියල් 40000 ක රක්ෂණාවරනය සඳහා ගොවීන් දැරිය යුතු මුදල  ඉවත් කොට එම  රක්ෂණාවරනය නොමිලේ ලබාදීමටත් තීරණය වී තිබේ.