දියේ ගිලී තරුණයෙක් මරුට

දියේ ගිලී තරුණයෙක් මරුට

April 28, 2024   09:01 am

නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (27) උදෑසන කාලයේදී එම තරුණයා මානෙල් වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස එහි ගිලී ඇති බව පොලීසිය පවසයි.

එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, හල්මිල්ලෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.