සයිටම් සිසුන් ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමෙන් ගැටලුව විසදන්න බෑ

සයිටම් සිසුන් ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමෙන් ගැටලුව විසදන්න බෑ

February 22, 2018   05:01 pm

සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමෙන් එම ගැටලුව විසඳිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එහි වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ අද(22) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සයිටම් ගැටලුව විසදීමට නම් එම ආයතනය සම්පූර්ණයෙන් අහෝසි කර සයිටම් සිසුන් රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගතයුතු බවයි.

පසුගිය දා හර්ෂ ද සිල්වා මහතා විසින් පෙරොන්දු වුවත් අද වන තෙක් සයිටම් අහෝසි කරන ලෙස පවසා ගැසට් පත්‍රයක් නිකුත් නොකළ බවද පැවසු වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා මෙය ඡන්දය ඉල්ලක කර ගනිමින් සිදු නොකළ යුතු බව ද පැවසීය.