ප්‍රශ්නවලට විසඳුම් නොදිම ආණ්ඩුවේ පරාජයට හේතු වුණා

ප්‍රශ්නවලට විසඳුම් නොදිම ආණ්ඩුවේ පරාජයට හේතු වුණා

February 22, 2018   04:42 pm


සයිටම් අර්බුදය ඇතුළු විසඳුම් නොදුන් ප්‍රශ්න ගණනාවක් ආණ්ඩුවේ පරාජයට හේතු වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (22)කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලය වෙනස් කිරීම සම්බන්ධයෙන් හරියාකාරව තවමත් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව කිසිවෙකුක් නොදන්නා බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

එම සියලු තීරණයන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන බව ද පැවසු අමාත්‍යවරයා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය. 

තමා පක්ෂයේ නායකයා සමඟ සැමදා සිටි බවත් හෙට වෙන නායකයෙකු පත් වුවත් ඔහුට ද තම සහය ලබා දෙන බව පැවසු දයාසිරි මහතා පක්ෂයක් ලෙස මිසක කිසි විටෙකත් තමා තනි තීන්දුවක් නොගන්නා බව ද කියා සිටියේය.