කෝරාගේ සහයෙන් ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය ගෙනාපු 27 ක් පොලීසියට කොටුවෙලා

කෝරාගේ සහයෙන් ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය ගෙනාපු 27 ක් පොලීසියට කොටුවෙලා

February 19, 2018   11:29 am


සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන  ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් විසි හත් දෙනෙකු‍ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.

පොලිස් කොට්ඨාසයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදී  පසුගිය 17 වන දින  පස්වරුවේ  සිදුකළ පරීක්‍ෂාවකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට  හැකිව ඇත.

එම සැකකරුවන් ළඟ තිබී හෙරෝයින් මිලිග‍්‍රෑම් 8 ක් කේරළ ගංජා මිලිග‍්‍රෑම් පනස්නවදහස් හත්සිය පනහක්  සහ නීති විරෝධී දුම්වැටි 27 ක් ද, අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, කුරුණෑගල, කලූතර, පානදුර, දෙහිවල සහ පිළියන්ඳල යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බව හැටන් පොලීසිය පවසයි.