අගමැති-කථානායක ජනපති නිල නිවසට යයි

අගමැති-කථානායක ජනපති නිල නිවසට යයි

February 18, 2018   06:52 pm



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති නිල නිවසට ගොස් තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව ඔවුන් මේ වන විට ජනාධිපති නිල නිවස වෙත ගොස් ඇති බව සඳහන්ය.

රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

විශේෂයෙන් වර්තමානයේ රටතුළ ඇති වී ඇති අස්ථාවාර තත්ත්වය පිළිබඳව සහ එමඟින් රටට ඇති වන අහිතකර බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා දැනුවත් කිරීම කථානායකවරයාගේ මෙම සාකච්ඡාවල අරමුණ බව කථානායක කාර්යාලය සඳහන් කළේය.