තේ කොළ ගබඩාව කඩා වැටිලා-2ක් මැරිලා-2කට තුවාලයි

තේ කොළ ගබඩාව කඩා වැටිලා-2ක් මැරිලා-2කට තුවාලයි

February 14, 2018   04:02 pm

ග්‍රෑන්ඩ්පාස්-බබාපුල්ලේ මාවතේ තේ කොළ ගබඩාකර ඇති ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

-----------------------------------------------------------------------------------------------------

Update:05.00pm

ග්‍රෑන්ඩ්පාස්, බාබපුල්ලේ  ප්‍රදේශයේ තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබයි.

මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේය. 

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාගේ තත්තවයද බරපතළ බව එම ප්‍රකාශිකාව  සඳහන් කළේය.

තවත් පුද්ගලයින් සුන්බුන් අතර සිරවී සිටිනවාද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සහ සහන සේවකයින් එක්ව මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

-----------------------------------------------------------------------------------------------------

Update:05.38pm

ග්‍රෑන්ඩ්පාස්, බාබපුල්ලේ  ප්‍රදේශයේ තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබයි.

මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකුද වන බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේය. 