අපේක්ෂකයින් ජය ගනී - ආධාරකරුවන් ගැටෙයි

අපේක්ෂකයින් ජය ගනී - ආධාරකරුවන් ගැටෙයි

February 13, 2018   10:24 am




රතිංඤ්ඤා වැලක් වෙළඳසැළක වහලයක් මත තබා ගිනි දල්වා හානි සිදු කළ බව කියන සැකකරුවෙකුව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුගුණුවටවන - මහගම ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

රතිංඤ්ඤා වැලට ගිනි ගැනීම හේතුවෙන් හානි සිදු වී ඇත්තේ හලාවත ප්‍රාදේශීය සභාවට ලංකා සම සමාජ පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකුට අයත් වෙළඳසැළකි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කර ජය ගත් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකි.

රතිංඤ්ඤා පත්තු වන ශබ්දයට එම ස්ථානයට පැමිණි අය විසින් ගිනි ගනිමින් තිබූ වෙළඳසැලේ  ගින්න නිවා දමා ඇත.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.