උසස් පෙළ දෙවැනි අදියරේ ඇගයීම් වෙනුවෙන් පාසල් 5ක් වැසේ

උසස් පෙළ දෙවැනි අදියරේ ඇගයීම් වෙනුවෙන් පාසල් 5ක් වැසේ

January 21, 2018   09:06 pm



2017 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි 24 දින ආරම්භ වන අතර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පහක් ජනවාරි මස 23 දින සිට පෙබරවාරි මස 03 වන දින දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ජනවාරි මස 24 දින සිට පෙබරවාරි මස 02 දින දක්වා දිවයින පුරා පාසල් 24 ක දී සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව පහත සඳහන් පාසල් එම දිනවල දී සම්පූර්ණයෙන් වසා තැබේ.

·        කො/ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ 10

·        මාර/ මධ්‍ය මහා විද්‍යාලය, මාතර

·        කු/ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල

·        මහ/ ශාන්ත අන්තෝනි බාලිකා විදුහල, මහනුවර

·        බ/ ඌව මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල

උත්තර පත්‍ර ඇගයීම් සිදු කරන සෙසු පාසල් 19 තුළ ඇගයීම් කටයුතු සිදු කරන අතරතුර පාසලේ වැඩ කටයුතු ද පවත්වාගෙන යන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.