වෑන් එකට වේගේ වැඩි වෙලා 1ක් එතනමයි-තවත් 1ක් රෝහලේ

වෑන් එකට වේගේ වැඩි වෙලා 1ක් එතනමයි-තවත් 1ක් රෝහලේ

January 16, 2018   03:26 pm




මාතර, අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

අද (16) අළුයම මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර රියදුරු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ යාපනය, කොකුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.