නීති විරෝධීව වැලි ගොඩදැමූ 4කට වැඩ වැරදුන හැටි

නීති විරෝධීව වැලි ගොඩදැමූ 4කට වැඩ වැරදුන හැටි

January 12, 2018   10:16 am



මුලතිව් - මරදන්කුලම් ප්‍රදේශයේ නීති විරෝධී අන්දමට වැලි ගොඩදාමින් හා වැලි පටවමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු හා ට්‍රැක්ටර් දෙකාක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් 11 දා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් තුනුකායි වන්නියනාආරු ඔය ආශ්‍රිතව ඇති පෝෂක ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ගොඩ දමන බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඔවුන්ව අත් අඩංගුවට ගෙන මල්ලාවි පොලීසියට බාර දී තිබේ.

මල්ලාවි පොලීසිය සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.