හැම ආණ්ඩුවක්ම කරපු  දූෂණ වංචා නිසා රටේ දුප්පත්කම ඉහළ ගියා

හැම ආණ්ඩුවක්ම කරපු දූෂණ වංචා නිසා රටේ දුප්පත්කම ඉහළ ගියා

January 12, 2018   07:42 am



සෑම ආණ්ඩුවක් තුළම සිදු වූ මහා පරිමාන වංචා හා දූෂණ රටේ දුප්පත්කම ඉහළ යාමට හේතු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දේශපාලනඥයින්, රජයේ නිළධාරින් සහ ඊට සම්බන්ධ වූ දුෂිත ව්‍යාපාරිකයින් මෙම වංචා සහ දූෂණවලට වගකිව යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පොලොන්නරුව, මැදිරිගිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ වංචා දූෂණ නැති කරමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් රට තුළ ගොඩනැගීම තමන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනිමට හේතු වූ බවයි.