සාකච්ඡා නැවතත් අසාර්ථකයි

සාකච්ඡා නැවතත් අසාර්ථකයි

December 10, 2017   09:39 pm



දුම්රිය වෘත්තීය සමිති අද සවස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමඟ පැවැත් වූ සාකච්ඡා අසාර්ථක වූ බව වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද 04 වන දිනටත් තවදුරටත් ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත්, වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ඔහුගේ කොළඹ පිහිටි නිවසේ අද සවස පැවැත් විය.