අපරාධ ගොඩක මහ මොළකරුවෙක් මාට්ටු

අපරාධ ගොඩක මහ මොළකරුවෙක් මාට්ටු

December 10, 2017   02:05 pm



අපරාධ රැසකට අදාළව වරෙන්තු ලබා සිටි සැකකරුවෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුන්දලම - විරුතෝඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අද(10) අළුයම එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුට එරෙහිව අපරාධ රැසක් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු 6ක් පවතින අතර ඔහු වසර ගණනාවක් පුරා අධිකරණය සහ පොලීසිය මඟහරිමින් සිට ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ගංජා ග්‍රෑම් දෙකක් ද සොයාගෙන තිබේ.

සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු වන අතර ඔහු කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.