ගිං තොට සිද්ධිය දේශපාලනික උවමනාවක් මත සිදු වූවක්

ගිං තොට සිද්ධිය දේශපාලනික උවමනාවක් මත සිදු වූවක්

November 22, 2017   08:48 pm



ගිං තොට ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය දේශපාලනික උවමනාවක් මත සිදු වූවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණු නායකයා පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය මැඩ පැවැත්වීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව පෙනී යන බවයි.

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අනතුරුව එම ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.