පොලිසිය සරම කැඩුව පාසල් සිසුවා 10 හැවිරිදි දැරියක් දූෂණය කරලා- ඉස්කොලේ යන්න බෑ කිව්ව ඇත්ත කතාව හෙළිවේ

පොලිසිය සරම කැඩුව පාසල් සිසුවා 10 හැවිරිදි දැරියක් දූෂණය කරලා- ඉස්කොලේ යන්න බෑ කිව්ව ඇත්ත කතාව හෙළිවේ

November 15, 2017   01:40 pm



පොලිස් නිලධාරියෙකු විසින් තම සරම කඩා දැමීම නිසා පාසල් යාමට නොහැකි බව කියන සිසුවා පාසල් යාම මග හැර ඇත්තේ බාල වයස්කාර සිසුවියක් දුෂණය කිරීමේ සිද්ධියක් නිසා බව හලාවත පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද තොරතුරක් අනුව හලාවත පොලීසිය විසින් කරන ලද විමර්ශණයකින් අනතුරුව වයස අවුරුදු 16 ක් වන සැකකාර සිසුවාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - මුගුණුවටවන, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

සැකකරු විසින් දුෂණය කර ඇත්තේ වයස අවුරුදු 10 ක් වන පාසල් සිසුවියක් වන අතර සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිය අසල්වැසියන් බව පොලීසිය කියයි.

පසුගිය ඔක්තොම්බර් මාසයේ සෙනසුරාදා දිනයක සැකකරු දැරියගේ ඥාතියෙකුට අයත් නිවසකදී මෙම අපරාධය සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

මේ බව කිසිවෙකු හා පැවසුවහොත් තමන්ව මරා දමන බවට සැකකාර සිසුවා පැවසූ බවද අතවරයට පත්ව ඇති දැරිය පොලීසියට පවසා ඇත.

අතවරයට පත්ව ඇති දැරිය තමන් මුහුණ දුන් තත්ත්වය  පාසලේ ගුරුවරියක හා පවසා ඇති අතර එම ගුරුවරිය දැරියගේ මව්පියන් කැදවා මේ බව දැණුම් දීමට කටයුතු කර ඇත.

ඒ අතර සිද්ධිය පිළිබඳ දැරියගේ ඥාතියෙකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැණුම් දීමට කටයුතු කර ඇත.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හලාවත පොලීසියට කරන ලද දැණුම් දීමකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පසුගිය දිනක නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා හලාවත පොලීසියේ නිලධාරීන් මුගුණුවටවන - මාළිගාවත්ත ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී කසිප්පු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ සැකකාර පාසල් සිසුවාද සිට ඇත.

වැටලීම කළ නිලධාරීන් එම ස්ථානයේ සිටි සියලුම දෙනා  පරීක්ෂාවට ලක් කළ බව හලාවත පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

සැකකාර පාසල් සිසුවා පාසල් යාමට මැළිකමක් දක්වා ඇත්තේ බාල වයස්කාර දැරිය දුෂණය කිරීමෙන් අනතුරුව බව පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී හෙලිවී ඇත.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශව පවත්වයි.

මෙහි මුල් පුවත බලන්න Related News  එක Click කරන්න.