කම්බ හොරෙක් කටානේදී කොටුවේ

කම්බ හොරෙක් කටානේදී කොටුවේ

November 15, 2017   10:02 am



අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු කටාන ඉන්ධන පිරවුම්හල අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරු කොටදෙණියාව, ගිරාඳුරුකෝට්ටේ, පන්නල සහ මීගමුව යන ප්‍රදේශවල යතුරුපැදි, රන්මාල, මුදල් සොරකම් ඇතුළු අපරාධ ගණනාවකට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බව සඳහන්ය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. 

සැකකරු බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.