රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණය ගැන විවෘත තීන්දුවක්

රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණය ගැන විවෘත තීන්දුවක්

November 15, 2017   09:30 am



මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක සේවය කළ තරුණියක සැකකට  යුතු ලෙස මියයාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

රාගම රෝහලේදී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(14) සිදු කළ අතර දේහයේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් විවෘත තීන්දුව ලබාදී ඇති බව පොලීසිය පැවසුවේය.

දේහය ඥාතීන් වෙත බාරදී තිබේ.

රූපලාවන්‍යාගාරයක සේවය කළ තරුණියක සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට  පසුගිය සඳුදා පස්වරුවේ මීරිගම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිතලවනාන ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක.